June, 9, 2022
වර්තමානයේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරනු ලබන තෙල්. පිටි, පොහොර ගෙන්වන්නේ තමන් මුදල් අමාත්‍යවරයා ලෙස සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද (09) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසූ අතර තමන් රාජ්‍ය පාලනයෙන් ඉවත් වන බවත් දේශපාලනයෙන් ඉවත් නොවන බවත් මෙහිදී කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පවතින ආර්ථික අර්බුදය ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස ධූරය භාර ගන්නා අවස්ථාවේ දීද තිබුණු බවයි.
ආර්ථික අර්බුදය මම එනකොටත් තිබුණා. ඒකනේ මම භාර ගත්තේ.
අද තෙල් ටික ගේනනේත්, පිටි ටික ගේන්නේත්, පොහොර ටික ගේන්නේත් මම ගිහිල්ලා සාකච්ඡා කරලා ගත්ත ණය ආධාර උඩ.
1954 ඉඳලා මේ රට කටයුතු කරලා තියෙන්නේ එකම ආකාරයට. ඒ කියන්නේ ණය ගන්නවා, ණය වියදම් කරනවා. හැබැයි මේකෙන් ගොඩ එන්න කිසිම අවස්ථාවක රටවත්, රජයක්වත් ක්‍රියා කරලා තිබුණේ නැහැ.
Video Story