ධම්මික ලැහැස්තියි

    June, 10, 2022

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් ධම්මික පෙරේරා මහතා නම් කරමින් මැතිවරණ කොමිසම වෙත වෙත ඔහුගේ නම නිල වශයෙන් යවා ඇති බව වාර්තා වේ.

    මේ අතර ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම වෙනුවෙන් තමන් දරනු ලබන සියලුම සමාගම් අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් ඊයේ (09) දිනයේ දී අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණු අතර මෙම නව අමාත්‍ය ධූරයේ ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීමට නියමිත බව සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ දැවැන්ත ලැයිස්තුගත සමාගම් සමූහ දෙකක් වන වැලිබල් වන් හා හේලීස් සමාගම්වල පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතුවන අතර ඔහු වැලිබල් වන් සමාගමේ සභාපතිවරයා ලෙසත්, හේලීස් සමාගමේ සම සභාපතිවරයා ලෙසත් කටයුතු කරනු ලබයි.

    හේලීස් සමූහය යටතේ සමාගම් 179 ක් ඇති අතර වැලිබල් වන් සමූහය යටතේ ඇති සමාගම් සංඛ්‍යාව 55 කි.