සමථ මණ්ඩලයට යන ආරවුල්වල මූල්‍ය සීමාව ලක්ෂ 5 දක්වා ඉහළට

    December, 26, 2015

    1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත අනුව සමථකරණය සඳහා වටිනාකම රුපියල් 25,000 නොඉක්මවන චංචල හෝ නිශ්චල දේපළ හෝ ණය, අලාභ හෝ ඉල්ලීම් සම්බන්ධ ආරවුල් අනිවාර්යයෙන් සමථ මණ්ඩලය වෙත යොමු කළ යුතු බව දක්වා ඇත.

    2011 අංක 4 දරන සමථ මණ්ඩල සංශෝධන පනත මඟින් එම අනිවාර්ය සීමාව රුපියල් 250,000 දක්වා ඉහළ දමනු ලැබීය.

    කෙසේවෙතත් වර්තමාන අවශ්‍යතා අනුව මෙම මූල්‍ය සීමාව රු. 500,000 දක්වා ඉහළ නැංවීමට පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.