Ceyoka වෙතින් මෙරට ව්‍යාපෘති සඳහා අසමසම ජලවාරක විසඳුම්

    December, 28, 2015

    නව්‍යකරණය සහ උසස්ම ගුණාත්මකබවින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය සවිබල ගන්වන Ceyoka Engineering සමාගම, ජලවාරක ක්ෂේත්‍රයේ තමන් සතු දශක දෙකකට අධික අත්දැකීම් සම්භාරය තුළින් මෙරට ව්‍යාපෘති සඳහා අසමසම ජලවාරක විසඳුම් රැසක් ලබා දෙයි. සිය සේවාදායකයන් හට සම්පූර්ණ ජලවාරක විසඳුම් ලබා දීම වෙනුවෙන් මෙරට කීර්තිමත් නාමයකට හිමිකම් කියන Ceyoka Engineering සමාගම දැනට ක්‍රියාත්මකවන කුඩා, මධ්‍යම සහ මහා පරිමාණයේ ව්‍යාපෘති 60 කට අධික සංඛ්‍යාවක් සඳහා සිය විශේෂඥ දැනුම සහ සේවාව ලබා දෙයි.

    "වර්තමානයේ බොහෝ දෙනෙක් තුළ ජල කාන්දුවීම් වළක්වා ගැනීමේ ඇති වැදගත්කම සහ තමන්ගේ ගොඩනැගිල්ලේ ආරක්ෂාව පිළිබඳ ඉතා හොඳ වැටහීමක් තිබෙනවා. ජලවාරක ක්ෂේත්‍රය යනු විශේෂීකරණය වූ ක්ෂේත්‍රයක්. එම ක්ෂේත්‍රය තුළ දශක දෙකකට අධික අත්දැකීම් සම්භාරයක් Ceyoka සමාගම සතු වනවා. අප සතු විශේෂඥ දැනුම සහ උසස්ම සේවාව තුළින් අපගේ පාරිභෝගික ජනතාවගේ ගොඩනැගිලි සඳහා අසමසම රැකවරණයක් ලබා දීමට අප සමත්ව සිටිනවා." Ceyoka Engineering සමාගමේ ජලවාරක අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්න රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.

    ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා වැයවන සමස්ත වියදමින් ජලවාරක විසඳුම් සඳහා වැය වන්නේ 2% ක වැනි පිරිවැයක් වුව ද, අනාගතයේදී ගොඩනැගිලිවල ඇති විය හැකි ගැටළුවලින් 80% කට අධික ප්‍රමාණයක් ජල කාන්දුවීම් නිසා හට ගනී. එබැවින් වැසි කාලයේදී මෙන්ම වසර පුරාම ඇතිවන දේශගුණික වෙනස්වීම්වලින් සිය නිවහන හෝ ගොඩනැගිල්ල ආරක්ෂා කර ගනිමින් ජීවත් වීම සඳහා සුවදායි පරිසරයක් නිර්මාණය කර ගැනීමට පාරිභෝගික ජනතාවට මෙමගින් හැකියාව ලැබේ.

    මහා පරිමාණ ව්‍යාපෘති සඳහා Ceyoka Engineering සමාගම ලබා දී ඇති ජලවාරක විසඳුම්වල ගුණාත්මක බව තුළින් එහි ජලවාරක අංශයේ විශිෂ්ටත්වය මැනවින් පිළිබිඹු වේ. මහරගම ජාතික පිළිකා ආයතනයේ ඉදිකෙරෙන මහල් අටකින් යුතු "රසාවි වෛද්‍ය සංකීර්ණය" ඒ අතර කැපී පෙනෙන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම් සහකරු වූ නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගම සමග එක්ව එම ගොඩනැගිල්ලේ වහල, නානකාමර, යටමහල සහ බැල්කනිය යන වැදගත් ස්ථාන සඳහා ජලවාරක විසඳුම් ලබා දීමට Ceyoka Engineering සමාගම කටයුතු කරයි.

    අලුතින් ඉදිකෙරුණු පාර්ක්ලන්ඩ් ගොඩනැගිලි කාර්යාල සංකීර්ණය සඳහා ද ජලවාරක විසඳුම් ලබා දීමේ සහකරු ලෙස Ceyoka සමාගම තෝරා ගැනීම තුළින් එම සමාගම සතු විශේෂඥතාව තවදුරටත් පිළිබිඹු විය. මහල් 21 කින් යුතු නවීන ගොඩනැගිලි සංකීර්ණයක්වන මෙය වෘත්තීය මට්ටමේ හරිත සැලසුම් සංකල්පයට අනුව ඉදි කෙරෙයි.

    මීට අමතරව, කාර්යාල වපසරියකින්, සාප්පු සංකීර්ණයකින්, ආහාර අංශයකින්, විනෝද සහ ක්‍රීඩා කලාපයකින්, නවාතැන් සංකීර්ණයකින් මෙන්ම තරු පහේ හෝටලයකින් ද සමන්විත මෙරට විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතියක්වන JHK සමාගමේ "Cinnamon Life" ව්‍යාපෘතිය සඳහා ද Ceyoka සමාගම ජලවාරක විසඳුම් ලබා දෙයි.

    ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ලොව කීර්තිමත් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය භාවිතා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන Ceyoka සමාගම, ඉහත සඳහන් ව්‍යාපෘති දෙකම සඳහා මැලේසියාවේ "Greenseal" සහ ඊජිප්තුවේ "Membrane" වැනි නිෂ්පාදන භාවිතා කරයි.

    සාර්ථකත්වය සහ තිරසාරත්වය හිමිකර දීම සඳහා ක්ෂේත්‍රයේ පවතින ඉහලම ගුණාත්මක බවින් යුතු ජලවාරක නිෂ්පාදන පාරිභෝගිකයා හට ලබා දීමට Ceyoka සමාගම නිබඳ කැප වෙයි.