කොටස් වෙළෙඳපොළ නව සභාපති දිල්ශාන් වීරසේකර වැඩ අරඹයි

    June, 24, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් දිල්ශාන් වීරසේකර මහතා ඒකමතිකව පත්කර තිබේ. මීට පෙර සභාපතිධූරය දැරූ දුමිත් ප්‍රනාන්දු මහතාගේ වසර 2ක ධුර කාලය අවසන් වීමෙන් පසු අද (2022 ජූනි 24) දින සිට බලපැවැත්වෙන පරිදි ඩිල්ෂාන් වීරසේකර මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් පත් වී ඇත.

    දිල්ශාන් වීරසේකර මහතා මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සේවා සපයන සමාගමක් වන First Capital Holdings PLC  හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා වේ.

    වසර 26කට අධික වෘත්තීය පලපුරුද්දක් ඇති වීරසේකර මහතා බැංකුකරණය, භාණ්ඩාගාර සහ ආයෝජන කළමනාකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ උපායමාර්ග සහ ආයතනික මූල්‍ය උපදේශන සේවා ඇතුළු මූල්‍ය සේවාවන්හි විවිධාංගීකරණය වූ විශේෂඥතාවන්ගෙන් සමන්විත පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැකිය.