December, 30, 2015
ශ‍්‍රී ලංකාවේ එකම හරිත සිමෙන්ති නිෂ්පාදකයා වන හොල්සිම් (ලංකා) සමාගම හා සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) මගින් සිදුකරන සතුන් මුදාගැනීමේ වැඩසටහන අඛණ්ඩව හත්වැනි වරටත් පසුගියදා දියත් කෙරුණි.
තිරසාරත්වයට අදාළ ප‍්‍රධාන කරුණු වන සමාජය" පරිසරය හා මූල්‍ය ලාභය යන කරුණු මූලික කරගනිමින් හොල්සිම් (ලංකා) සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. ඒ අනුව ක‍්‍රියාත්මක කෙරෙන පාරිසරික වැඩසටහන් අතර කැණීම් බිම් පුනරුත්ථාපන වැඩසටහන සහ ඒ ආශ‍්‍රිත ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ වැඩසටහන් මූලික තැනක් ගනියි. එහි එක් අංගයක් ලෙස වනසතුන් මුදාගැනීමේ වැඩසටහන වසරක් පාසා ක‍්‍රියාත්මක වේ. මෙරට වෙසෙන සත්ව හා ශාක විශේෂ වල ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට හොල්සිම් (ලංකා) සමාගම දක්වන දැඩි කැපවීම මෙම වැඩසටහනින් පිළිබිඹු වෙයි.
"සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමයේ හවුල්කාරීත්වයෙන් හොල්සිම් (ලංකා) සමාගම සිදුකරන මෙම සතුන් රැකගැනීමේ වැඩසටහන ආරම්භ වුණේ 2009 වසරේදී යි. මෙම වැඩසටහනට අඛණ්ඩව 7වන වරටත් දායකවීමට හැකිවීම හොල්සිම් සමාගමට ලැබුණු ගෞරවයක් හා සතුටක් ලෙස සලකනවා." හොල්සිම් (ලංකා) සමාගමේ පාරිසරික කලමනාකාර" පද්ධති අනුකූලතා හා තිරසාර නිෂ්පාදන නිළධාරි චලක ප‍්‍රනාන්දු මහතා පැවසුවේය.
මෙරටට ආවේණික සත්ව හා ශාක කොටස් විශේෂ 8500 කට අධික සංඛ්‍යාවක් සුරක්ෂිත කිරීමට හොල්සිම් (ලංකා) සමාගම මේ වනවිට සිය දායකත්වය ලබාදී ඇත. 2012 වර්ෂයේ සිට මෙම වැඩසටහන සඳහා හොල්සිම් සමාගමේ සේවක මහතුන්ගේ ස්වෙච්ඡා සහභාගීත්වය ලබාගැණුනු අතර ඒ හේතුවෙන් වර්ෂයකට සතුන් 2000 ක් පමණ මුදාගැනීමට හැකියාව ලැබී ඇත.
"හරිත සංස්කෘතියක් ඇතිකිරීමට හොල්සිම් (ලංකා) සමාගම දක්වන සුවිශේෂී දායකත්වය මෙම වැඩසටහන තුළින් දැකගත හැකියි. සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණුගල් ලබාගන්නා ප‍්‍රදේශ ප‍්‍රතිස්ථාපනය කරමින් අප දියත් කරන මෙම සංරක්ෂණ වැඩසටහනට හොල්සිම් සමාගමේ සේවකයින් දක්වන සුවිශේෂී දායකත්වය හා උනන්දුව ද මෙහිදී පිළිබිඹු වෙයි." හොල්සිම් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි පිලිප් රිචාර්ට් මහතා පැවසුවේය.
"සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) දිගු කලක් පුරා ක‍්‍රියාත්මක වන ගෝලීය පාරිසරික සංවිධානය ලෙස මෙන්ම පාරිසරික හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් වූ ප‍්‍රමුඛ පෙළේ සංවිධානයක් ද වෙයි. සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN), හොල්සිම් (ලංකා) සමාගම මගින් සිදුකරන සංරක්ෂණ වැඩසටහන් සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබාදීම සිදුකරයි. එකී ප‍්‍රධාන වැඩසටහන් ලෙස කැලෑ ප‍්‍රදේශ එළිකිරීමට ප‍්‍රථම එහි ජෛව විවිධත්ව අධ්‍යයනය සහ එම තොරතුරු ඇසුරෙන් පුනරුත්ථාපන වැඩසටහන් සැලසුම් කිරීම, එම ප‍්‍රදේශ වල සිටින සතුන් මුදාගැනීම, කැණීම් සිදුකළ ප‍්‍රදේශ නැවත පුරවා වනවගාව සිදුකිරීම, වනවගාවන් හි ප‍්‍රගතිය අධ්‍යනය කිරීම හා ඒ ඇසුරෙන් නිර්දේශ ලබාගැනීම ආදිය අඛණ්ඩව වාර්ෂිකව සිදුකරයි.
"මෙම සතුන් මුදාගැනීමේ වැඩසටහන හොල්සිම් (ලංකා) සමාගම මගින් සිදුකරන සුවිශේෂී වැඩසටහනක් ලෙස නම්කළ හැකියි. හොල්සිම් සමාගම මගින් අපමණ උනන්දුවකින් හා දැඩි කැමැත්තෙන් යුතුව දියත් කරන මේ වැඩසටහන වසර ගණනාවක් පුරා දියත් කරන්නකි. හොල්සිම් (ලංකා) සමාගමේ අඛණ්ඩ හවුල්කාරීත්වය ඔස්සේ මේ වැඩසටහනේ සාර්ථකත්වය එලෙසම පවත්වාගැනීමට අප ඉදිරියටත් කටයුතු කරනවා.’’ සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමයේ වැඩසටහන් සම්බන්ධීකාරක ශමෙන් විදානගේ මහතා පැවසුවේය.
සේයා රූ සටහන - හොල්සිම් (ලංකා) සමාගමට අනුබද්ධ රුහුණු සිමෙන්ති කම්හලේ පාරිසරික කළමනාකාර මෙනන් ජයරත්න මහතා දිවිමකුළුවකු මුදාහරිමින්
Video Story