අරගල මැද කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක්

    July, 11, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි දැවැන්ත ඉහළ යාමක් අද (11) දිනයේ ගනුදෙනු අවසානයේ දී දැකගත හැකි විය.

    ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.46 ක හෙවත් පෙර දිනයට සාපේක්ෂව 3.13% ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරන ලදී.

    මීට අමතරව S&P SL20 දර්ශකයේ ඒකක 116.59 ක, එනම් 5.19% ක දැවැන්ත ඉහළ යාමක් අද දිනයේ දී සටහන් වුණි.

    ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,302.15 ක් හා S&P SL20 දර්ශකයේ අගය ඒකක 2,361.42 ක් වශයෙන් සටහන්ව තිබුණි.

    රු. මිලියන 811.14 ක පිරිවැටුමක් දිනයේ ගනුදෙනු හරහා වාර්තා විය.