• JAAF

‘පළමුව ශ්‍රී ලංකාව ජාතික ප‍්‍රමුඛතාවක් ලබා දෙන න්‍යාය පත‍්‍රයක් සහිත රටක් බවට පත් කරන්න’ – ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය

July, 12, 2022

ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්විය යුතු බවටත්, හැකි ඉක්මනින් සියලූ පක්ෂවල සහභාගීත්වය සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවකට මග සලසා දී මැතිවරණයක් පවත්වන වන ලෙසටත් දැනුම් දෙමින් පසුගිය සෙනසුරාදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කළ නිර්දේශ කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සියලූම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටී.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන ඉල්ලීම පිළිබඳව ද JAAF නැවතත් මෙහිදී අවධාරණය කරයි.

”ශ්‍රී ලංකා ඉතිහාසය මුහුණ දී සිටින මෙම ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක අවස්ථාවේදී, අප රට පත්ව ඇති මෙම ඛේදජනක අර්බුදය විසඳීමට සහ පළමුව ශ‍්‍රී ලංකාවට ප‍්‍රමුඛත්වයක් ලබා දෙන න්‍යාය පත‍්‍රයක් ඇති කිරීම උදෙසා සියලූ දේශපාලන පක්ෂ නායකයින් එක්ව කටයුතු කරන ලෙස අප දැඩිව ඉල්ලා සිටිනවා.

”මේ අවස්ථාවේදී ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්වය අප හොඳින් තේරුම් ගෙන සිටින අතරම ඔවුන් පවත්වනු ලබන විරෝධතාවන් අවිහිංසාවාදීව සිදු කරන ලෙසත් ඉතා ඉවසීමෙන් සහ අධිෂ්ඨානශීලීව කටයුතු කරන ලෙසත් අප ඔවුන්ගන් ඉල්ලා සිටිනවා. තවද අප ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් මනා සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.