July, 13, 2022
ශ්‍රී ලංකාව මේ වන විට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කර තිබෙන සාකච්ඡා හැකි ඉක්මනින් සිදුකර එම මාර්ගයේ යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඊයේ (12) විකාශය වූ දෙරණ 360 විශේෂ වැඩසටහන සමඟ එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසුවේ, ඉදිරියේ දී බලයට පැමිණීමේ අදහසින් සිටින ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට දෙන්න තිබෙන පණිවුඩය කුමක්දැයි යනුවෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරලා, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා, ණය ප්‍රතිව්‍යූහගතකරණය කරලා, ඒ ක්‍රියාමාර්ගයෙන් පිට වෙන පැත්තකට යන්න උත්සාහ කළොත් මේ රට තවත් අමාරුවකට වැටෙන්නේ.
පළමුවෙනිම පණිවිඩය තමයි මට කියන්න තියෙන්නේ, ඒ ගිය මාර්ගය හැකි ඉක්මනින් ගිහිල්ලා ඉවර කරලා රට මෙතනින් උඩට උස්සලා තියන්න පුළුවන් ඒ මාර්ගයේ ගියොත් විතරයි.
වෙන වෙන දේවල් කරන්න ගිහිල්ලා, අත්හදාබැලීම් කරන්න ගිහිං මේ වගේ වෙලාවක මේ රට මීටත් වැඩිය බරපතල තත්ත්වයකට එන්න පුළුවන්.
එහෙම අත්හදාබැලීම් කරන්න පුළුවන් තත්ත්වෙක නෙමෙයි රට ඉන්නේ මේ වෙලාවේ.
Video Story