ශ්‍රී ලංකාවේ තත්ත්වයට රුසියාව වගකිව යුතුයි – යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි

    July, 14, 2022

    රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ලොව පුරා ආහාර නිෂ්පාදන හා සැපයුම් දාම අවහිර වීම හේතුවෙන් ලොව පුරා ඇති වූ නොසන්සුන්තාවයේ එක් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව අද සිටින අස්ථාවර තත්ත්වයට මුහුණ පා ඇති බව යුක්‍රේන ජනාධිපති  වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky ) පවසයි.

    පසුගියදා සෝල් නුවර පැවති ආසියානු නායකත්ව සමුළුවේ දේශනයකදී ශ්‍රී ලංකාවේ අර්බුද ඉස්මතු කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කම්පිත කරවන ආහාර සහ ඉන්ධන මිල ඉහල දැමීම සමාජ පිපිරීමකට මග පාදා ඇති බවත් එය කෙසේ අවසන් වේදැයි දැන් කිසිවෙකු දන්නේ නැති බවත් ය.

    යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව භාවිතා කර ඇති ප්‍රධාන උපක්‍රමයක් නම් "ආර්ථික කම්පනයක්" ඇති කිරීම බව පවසන යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සැපයුම් දාම කඩාකප්පල් වීම හේතුවෙන් රටවල් රැසක් ආහාර හා ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් NDTV පුවත් සේවයේ පළ වූ වාර්තාව පහතින් දැක්වේ.

    Russia “Responsible” For Ongoing Crisis In Sri Lanka: Ukraine’s Zelensky

    July, 14, 2022