සංචාරකයෝ ඩොලර් මිලියන 740 ක් රැගෙන ඇවිත්

    July, 25, 2022

    2022 පළමු භාගය (ජනවාරි - ජූනි) තුළ දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 739.8 ක් ලෙසින් වාර්තා වී ඇත.

    එය 2021 වසරේ මුල් මාස 06 තුළ වාර්තා වූ වටිනාකම වන ඩොලර් මිලියන 44.1 හා සැසඳීමේ දී 1,578% ක වර්ධනයකි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් අතර මෙම වකවානුව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 411,377 ක් ලෙසින් සටහන් වේ. එය 2021 පළමු භාගයේ පැමිණි 16,908 ක්වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා 2,333% ක වැඩිවීමකි.

    මේ අතර පසුගිය ජූනි මාසය තුළ දී වාර්තා වන සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 59.1 කි.