August, 1, 2022
සහජ දක්ෂතාවයන් හෙබි සෑම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මඟ“ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 14 ක දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, අම්පාර, කෑගල්ල, නුවරඑලිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා ඉඩම් මිල දී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වේ.
මේ සඳහා අයදුම්පත් කැඳවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දැන්වීමක් පළ කර ඇති අතර අවම අක්කර 6 - 10 ක ඉඩමක් වීම මේ සඳහා අදාළ පළමු නිර්ණායකය වේ.
Video Story