August, 3, 2022
තම රජය ජනතාවගේ අයිතිය තහවුරු කරනු ලබන බවත්, රජයේ තට්ටු නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (03) දින නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එසේම රජයේ බලපත්‍ර ඉඩම්ලාභීන්ට, සින්නක්කර ඔප්පු ලබා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.
අපි ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. රජයේ බලපත්‍ර ඉඩම්ලාභීන්ට සින්නක්කර ඔප්පු ලබා දෙනවා. රජයේ තට්ටු නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දෙනවා. කඳුකරයේ දමිළ ජනතාවගේ ගැටලු විසඳීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
ආර්ථික ස්ථාවර කිරීමේ වෑයමේදි සමාජයේ දුබල, අසරණ අඩු වරප්රසාදිත කොටස් පිළිබදව දැඩි අවධානයක් යොමු කරනවා. රටේ ව්‍යවසාකයන්ට සිය කුසලතා ඔස්සේ ඉදිරියට පැමිණීමේ මාර්ග තව තවත් පුළුල් කරමින් ඔවුන් දිරිමත් කරනවා.
Video Story