August, 3, 2022
ප්රමාණවත් ඉන්ධන ප්රමාණයක් වාහනයේ ඉන්ධන ටැංකියේ නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුළත් වීමෙන් වළකින ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඇතැම් වාහනවල ප්රමාණවත් ඉන්ධන ප්රමාණයක් නොමැති වීම හේතුවෙන් අධිවේගී මාර්ගය තුළ එම වාහන නැවතී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.
විවිධ පැමිණිලි ලැබිලා තියෙනවා, අපේ අධිවේගී මාර්ගයේ නඩත්තු අංශය මගින්, සමහර වාහනවල ප්රමාණවත් ඉන්ධන ප්රමාණයක් නොමැති වීම හේතුවෙන් අධිවේගී මාර්ගය තුළ එම වාහන නැවතිලා තියෙනවා.
එම නිසා විශේෂයෙන් මෙම දැන්වීම කරන්න අපි තීරණය කර ගත්තා මාර්ග සංවර්ධන අධිකාරිය විදියට.
විශේෂයෙන් රථවාහන ඇතුල් වීමේදී රියැදුරන්ට විශේෂයෙන් දැනුම් දෙන්න ඕනේ, ප්රමාණවත් ඉන්ධන ප්රමාණයක් ඉන්ධන ටැංකිය තුළ තියෙනවාද කියලා බලලා අධිවේගී මාර්ගයට ඇතුල් වෙන්න. විශේෂයෙන් ගමනාන්තයට සරිලන විදියට ඉන්ධන ප්රමාණයක් තියෙනවාද කියලා විශේෂයෙන් සැලකිලිමත්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මේ දිනවල QR code එකට ඉන්ධන issue කරනවා, යම්කිසි සීමිත ඉන්ධන ප්රමාණයක් දවස්පතා නිකුත් කරන්නේ. එතකොට තමන්ට ලොකු ගමනාන්තයක් යන්න ඕනේ නම් ඊට අදාළ ඉන්ධන ප්රමාණය තියෙනවාද කියලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
ඒ වගේම අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතුත් මේ දවස්වල අපි කරන්නේ සීමිත පහසුකම් යටතේ. අපිට තියෙන ඉන්ධන ප්රමාණයත් සීමිතයි. ඒ අනුව යම්කිසි අනතුරක් වුණොත් එම ස්ථානයට ළඟා වීමට යම්කිසි කාලයක් ගතවෙනවා, අපේ තියෙන සීමිත ඉන්ධන ප්රමාණයත් සමඟ. ඒ නිසා කිසියම් වාහනයක් අධිවේගී මාර්ගයට ඇතුල් කිරීමේ දී විශේෂයෙන්ම වාහනයේ තත්වය පිළිබඳව සැලකිලිමත් වෙලා වාහනය ඇතුළත් කරන්න.
Video Story