August, 4, 2022
අද (04) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 3.79 ක ගනුදෙනු පිරිවැටුමක් සටහන් වූ අතර මෙලෙස දෛනික පිරිවැටුම රු. බිලියන 3 සීමාව පසු කළේ බොහෝ කලකට පසු වීම විශේෂත්වයකි.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 149.00 කින් ඉහළ ගොස් ඒකක 8,229.14 ක් හා S&P SL20 දර්ශකය ඒකක 91.62 කින් ඉහළ ගොස් ඒකක 2,677.67ක් ලෙස වාර්තා විය. මෙය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 1.84% ක හා 3.54% ක වර්ධනයකි.
මේ අතර අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් ලෙස LOLC, එක්ස්පෝලංකා, රෝයල් සෙරමික්, ලංකා IOC සහ LOLC Finance යන සමාගම් කැපී පෙනුණි.
මිල දර්ශක ඉහළ යාම සඳහා සමාගම් 114 ක්ම ධනාත්මක දායකත්වයක් ලබා දෙන ලදී.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවා අඛණ්ඩව ඉහළ නැගි තෙවන දිනය අදයි.

Video Story