August, 5, 2022
2022 ජූලි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,815 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය 2022 ජූනි මාසයේ දී දැක්වුණු ඩොලර් මිලියන 1,854 හා සැසඳීමේ දී 2.1% ක පහළ යාමකි.
මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ජූලි මාසය තුළ ඩොලර් මිලියන 1,746 සිට ඩොලර් මිලියන 1,708 ක් දක්වා 2.2% කින් අඩු වී ඇත.
කෙසේවෙතත් මෙම විදේශ විනිමය සංචිතය තුළ ඇතුළත් චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිතයට ගැනීමේ දී කොන්දේසි පවතින බැවින්, මෙම දත්තවලට අනුව මහ බැංකුව සතුව දැනට පවතින භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 208කට සීමා වී තිබේ.
Video Story