iROAD වෙනුවෙන් ඩොලර් මිලියන 443ක ADB ණය ආධාර

    August, 9, 2022

    ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන iROAD 1 සහ iROAD 2 ව්‍යාපෘතිවල මීළඟ අදියරයන් සඳහා අරමුදල් සම්පාදනය කිරීම
    ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන iROAD 1 සහ iROAD 2 ව්‍යාපෘති යටතේ ග්‍රාමීය මාර්ග කි.මී. 6,250 ක් පමණ ද, ජාතික මාර්ග කි.මී. 750 ක් පමණ ද වැඩිදියුණු කිරීම හා නඩත්තුව සඳහා සිවිල් වැඩ කොන්ත්‍රාත්තු 140 ක් පිරිනමා ඇත.
    මේ වනවිට ග්‍රාමීය මාර්ග කි.මී. 4,800ක පමණ සහ ජාතික මාර්ග කිලෝමීටර 300ක පමණ වැඩ අවසන් කොට තිබේ.
    එම ව්‍යාපෘතිවල කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස iROAD 1 වැඩසටහනේ 5 වන අදියර සඳහා වන ඇ.ඩො.මි. 243ක ණය මුදල සහ iROAD 2 වැඩසටහනේ 4 වන අදියර සඳහා ඇ.ඩො.මි. 200ක ණය මුදල ලබා ගැනීමට අදාළව ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.