විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනය කිරීම
ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොරව විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රචලිත කිරීම සඳහා විද්‍යුත් ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස විවිධ පාර්ශ්ව මඟින් ඉල්ලීම් කර ඇත.
එහෙත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෝටර් වාහන පනතේ නොමැති බැවින් එම පනත සංශෝධනය කළ යුතුව ඇත. ඒ අනුව, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට හැකිවන පරිදි අදාළ විධිවිධාන ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.