August, 10, 2022
ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගාසිටුවීමේ මාවතක් ලෙස ආදායම් උත්පාදනය පිළිබද සංවාදමය කතිකාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තිරසර මූල්‍ය කේන්ද්‍රයේ (Sustainable Finance Hub of the UNDP) අධ්‍යක්ෂ මාකෝස් නෙටෝ (Marcos Neto) මහතා මෙහි ආරාධිත දේශනය ඉදිරිපත් කරමින් සිය අත්දැකීම් සහ දැනුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග බෙදාහදා ගැනීම සිදුවිය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් (UNDP) කළ ඉල්ලීමකට අනුව මෙම සංවාදය සංවිධානය කෙරිණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක යන අය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Video Story