August, 12, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවන වැඩ පිළිවෙලෙහි එක් පියවරක් වශයෙන් මහ බැංකුවට ස්වාධීනව තම කාර්යයන් පවත්වා ගෙන යෑමට අවස්ථාව ලබා දිය යුතු බව අර්ථ ශාස්ත්‍රඥ ධනනාත් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.
ඔහු මේ බව පවසා සිටියේ අද (12) දින විකාශය වූ දෙරණ BIG FOCUS සජීවී වැඩසටහනට එක් වෙමිනි.
"අපේ මහ බැංකුව සම්බන්ධයෙන් ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් ප්‍රතිසංස්කරණ කිහිපයක් තියෙනවා. එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කලින් මම හිතන්නේ සම්මත කරපු, ඒ කියන්නේ ඔක්කොම ප්‍රතිසංවිධානය කරලා තියන පනතක් තියනවා. ඒකේ සමහර සංශෝධන ආයිත් පාරක් වෙන්න ඕන. ඒ සංශෝධනත් එක්ක මහ බැංකුවට දැන් අපි අවස්ථාවක් දෙන්න ඕන ස්වාධීන වෙලා මේ වැඩේ කරලා පෙන්වන්න. ඉතින් එහෙම නැතුව අපි ඒකට ආයිත් පාරක් ඇඟිලි ගහන්න ගියොත් එහෙම වෙන්නේ, ඒ මිනිස්සුන්ට කරදර කරලා, සල්ලි ඉල්ලන්න ගියෝත් එහෙම මහ බැංකුවට වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඔවුන්ට අපි ස්වාධීනව වැඩේ කරලා වගකීම බාර ගන්නත් අවස්ථාව දෙන්න ඕන."
Video Story