ලාෆ්ස් ගෑස් නැවක් හම්බන්තොට වරායට

    August, 16, 2022

    ලාෆ්ස් ගෑස් සමාගමට අයත් "GAS CHALLENGER" නෞකාව අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇත.
    මේ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ GAS CHALLENGER නෞකාව, එල් පී ගෑස් මෙට්රික් ටොන් 3,120ක් සමඟ හම්බන්තොට වරායේ ස්ථාපිත ලාෆ්ස් ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ලඟා වී ඇති බවයි.
    මේ වනවිට ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකෙරෙන බවත් පිරවුම් කටයුතු අවසානයේ දේශීය පරිභෝජනය සඳහා මෙම ගෑස් තොගය වෙළද පොළ වෙත නිකුත් කෙරෙනු ලබන බවත් ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් කියා සිටී.