ඩොලර් මිලියන 52ක ආයෝජන මණ්ඩල ගිවිසුමකට Browns Fabric අත්සන් තබයි

    August, 22, 2022

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ බ්‍රවුන්ස් ෆැබ්රික් ලිමිටඩ් පසුගිය සතියේ දී අතිනවීන රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා ගිවිසුම් අත්සන් කරන ලදී. කුරුණෑගල ප්‍රදේශයේ‍ ස්ථාපිත කරන ලබන මෙය ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවලින් එකකි.

    ඩොලර් මිලියන 52.3 ක ආයෝජනයකින් පිහිටුවනු ලබන මෙම රෙදි නිෂ්පාදන කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු 2023 අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.