January, 7, 2016
ඩයලෝග් සමූහයේ අනුබද්ධ සමාගමක් වන ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පුද්) සමාගම විසින් HeadStart (පුද්) සමාගමේ සිය කොටස් හිමිකාරීත්වය 26% ක් දක්වා වර්ධනය කර ගෙන තිබේ. HeadStart (පුද්) සමාගම විසින් නිකුත් කර තිබූ බැඳුම්කරයක ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 20 ක්, හිමිකම් ප්‍රාග්ධනය (Equity Stake) බවට පරිවර්තනය කිරීමෙන් මෙම ගනුදෙනුව සිදුව තිබේ.
ඩයලොග් සමූහය, HeadStart (පුද්) සමාගමේ රුපියල් මිලියන 60 ක් වටිනා පරිවර්තනය කළ හැකි බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන අතර ඒවා ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පුද්) සමාගම වෙත පවරා තිබේ. ඉදිරියේ දී මේවායින් කොටසක් හෝ මුළුමනින්ම හෝ කොටස් බවට පරිවර්තනය කිරීමට ඉඩ ඇති බව සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටී.
HeadStart (පුද්) සමාගම ඉ-අන්තර්ගතයන් නිර්මාණය හා සැපයීම ප්‍රමුඛ කරගත් සමාගමක් වන අතර ඩයලොග් විසින් පවත්වාගෙන යනු ලබන මෙරට ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපනික ද්වාරයක් වන Guru.lk හි උපක්‍රමික කළමනාකරුවකු ලෙසින් හා එය සම්බන්ධ වී සිටී.
Video Story