බිල් පොලී යලි නගී. අද වෙන්දේසියේ සාර්ථකත්වය 63% යි

    August, 24, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (24) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොලිය නැවත වරක් 30% සීමාව ඉක්වා ගොස් තිබිණි.

    මේ අනුව පසුගිය වෙන්දේසියේ දී 29.44% ක් ලෙසින් සටහන්ව තිබූ දින 91 බිල්පත් පොලිය මෙවර 30.51% ක් දක්වා වැඩි වී ඇති අතර දින 182 බිල්පත් පොලිය 28.96% සිට 29.51% දක්වාත්, දින 364 බිල්පත් පොලිය 29.14% සිට 29.83 ක් දක්වා මෙවර ඉහළ ගොස් ඇත.

    සමස්තයක් ලෙස මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 90,000 ක ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණ ද ලංසු භාරගෙන තිබුණේ රු. මිලියන 56,713 ක් පමණි. එනම් සමස්ත වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයෙන් 63% ක් පමණි.