• Ada Derana BIZ Sinhala
  • bank
  • Central Bank
  • sri lanka

මහ බැංකුවෙන් බැංකුවලට විශේෂ දැනුම් දීමක්

September, 2, 2022

තොරතුරු කළමනාකරණ ක්‍රියාවලියේ අනුකූලත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී බැංකු විසින් සිය තැන්පත්කරුවන්ගේ අනන්‍ය හඳුනාගැනීමේ අංක (Unique Identification Numbers - UINs) අදාළ බැංකු පද්ධතිවල සටහන් කිරීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිවේදනයක් පසුගිය (29) දා මහ බැංකුව විසින් සියලු වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කර ඇත.

2022 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි සියලු නව තැන්පතුකරුවන්ට අදාළව මෙම මාර්ගෝපදේශ අනුකූල වන අතර දැනට සිටින තැන්පතුකරුවන් 2022 දෙසැම්බර් 31 දින වන විට පද්ධතිය තුළට ඇතුළත් කළ යුතුවේ.

අදාළ සම්පූර්ණ නිර්දේශය පහතින් දැක්වේ.