• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Workers’ remittances

ජූලි මාසයේ දී විසිදෙදහසක් රට රස්සාවලට ගිහින්

September, 7, 2022

2022 ජූලි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 279 ක් වූ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත. එය 2022 ජුනි මාසය තුළ වාර්තා වූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් මිලියන 274 ට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරයි.

මේ අතර ජූලි මාසය තුළ විදේශ රැකියා සඳහා විදෙස් ගත වූ මුළු සංඛ්‍යාව 22,821 ක් ලෙස වාර්තා වී ඇත. ඒ අතර නුපුහුණු ශ්‍රමිකයන් 8,232ක් පුහුණු ශ්‍රමිකයන් 7,091ක් සහ ගෘහ සේවය සඳහා පිටත් වූ ශ්‍රමිකයන් 4,479ක් වේ.

මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මාස 7 කින් යුත් කාල පරිච්ඡේදය තුළ රැකියා සඳහා විදෙස්ගත වූ මුළු සංඛ්‍යාව 163,522 ක් ලෙස දැක්වෙන අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ සංඛ්‍යාව වන 37,041 හා සැසදීමේ දී කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර 2021 වසරේ රැකියා සඳහා විදෙස්ගත වී ඇති මුළු සංඛ්‍යාව දැක්වෙනුයේ 117,952 ක් ලෙසයි.