September, 8, 2022
අද (08) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක් වෙමින් විපක්ෂ නායක වරයා මෙසේ ප්‍රකාශ කළේය.
"ගරු ජනාධිපතිතුමා එවකට විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් හැටියට, එතුමාගේ යෝජනාවක් හැටියට තමයි Article 4 ඒ වාර්තාව මේ අපි දැනගන්නට මේ සභාවට ඉදිරිපත් කළේ. එතුමා තමයි අවස්තා ගණනාවකදිම මට මතකයි එතුමයි, බැසිල් රාජපක්ෂ එවකට මුදල් ඇමතිතුමයි අතර එවකට ජනාධිපතිවරයා ඉන්න අවස්ථාවක ලොකු විවාදයකුත් ආති වුණා. ඊට පසුවත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වර්තමාන ජනාධිපතිතුමාම ලොකු බලකිරීමක් කළා. එතකොට එතුමා පූර්වාදර්ශයක් ලබා දීලා තියනවා. There is a precedentm. ඒ පූර්වාදර්ශය තමයි කරුණාකරලා පාර්ලිමේන්තුව සතුව තියන මූල්‍ය බලතල උල්ලංගනය කරන්නේ නැතුව මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධ මේ සියළුම ගිවිසුම හෙලිදරව් කරන්න. Table කරන්න. ඉතින් මම බොහොම තර්කානුකූලව ගරු සභානායකතුමාට මේක ඉදිරිපත් කළා. දැන් ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට යෝජනා කරනවා මේක Tabel කරන්න කියලා. Article 4 report එක. එය එසේම ඉදිරියට යනවා මිස එතුමා ජනාධිපතිවරයා වුනා කියලා ඒක වෙනස් වෙන්න බැහැනේ. ඉතින් ඒකට ජනාධිපතිතුමත් විරුද්ධ නැහැ . එතුමත් එකඟයි. මම හිතන්නේ ඔබතුමා නරකයි මෙතනට ඇවිත් කියන්න සම්ප්රදායකත් නැහැ, අරකක් නැහැ, මේකක් නැහැ කියලා.
මම ඔබතුමාට මතක් කරන්න කැමති මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයිනේ. අසාමාන්‍ය තත්ත්වයක්. අසාමාන්‍ය තත්ත්වයක් තුළ අසාමාන්‍ය දේවල් ඔබතුමන්ලත් යෝජනා කරනවනෙ. මෙහෙමෙ කරමු අරෙහෙම කරමු කියලා. ඉතින් මම කියන්නේ මේක හරි වැදගත් මෙකේ විනිවිධ භාවයකින් යුක්තව පාරිදෘෂ්‍ය භාවය තහවුරු කරගෙන කරුනාකරලා මේක Table කරන්න. මහ බැංකුවෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන් ගෙනාපු වාර්තා මෙතන කියවන්නේ නැතුව. දැන් එක්තරා, එක්තරා නෙවෙයි ඉතින් නිවාඩ් කබ්රාල් මැතිතුමා මෙච්චර අපි පුන පුනාම මේ සභාවේ අපි ප්‍රශ්න කළා. ඔබතුමා මූලාසනයේ ඉන්නකොට ඔබ තුමාට මතක ඇති. Fitch Ratings ගැන, Moody's ගැන, Standard and Poor's ගැන, ඔබතුමා පොඩ්ඩක් හැන්සාඩ් එක කියවලා බලන්න. දුන්නේ බහු බූත උත්තරනේ. මහ පොලව පැලෙන බොරුනේ කිව්වේ. එයාගේ මොකක් ද උත්තරේ අතීතය ගැන මහා වට්ටෝරුව කියවගෙන සම්පූර්ණ බොරු තමයි ක්‍රියාත්මක කරේ. දැන ඔබ තුමන්ලට එහෙම හැසිරෙන්න බැහැනේ. එහෙනම් මේක තවත් බන්කොලොත් වෙයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන් ගරු සභානායක තුමා මම මේක ඔබ තුමාට මතු කළා මීට දික දෙහෙකට පෙර කරුනාකරලා මෙක Table කරන්න. මේක සභාගත කරන්න."
Video Story