September, 9, 2022
ඉන්දියාව ඊයේ (08) දිනයේ දී කැඩුණු සහල් අපනයනය තහනම් කිරීමට තීරණය කර තිබේ. මේ අතර විවිධ කාණ්ඩවලට අයත් සහල් වර්ග අපනයනය සඳහා 20% ක තීරු බද්දක් පැනවීමට ද කටයුතු කර ඇත.
ඉන්දියාව රටවල් 150කට වැඩි ප්රමාණයකට සහල් අපනයනය කරන අතර, මෙම තීරණය අනුව ලෝක ආහාර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.
එසේම මෙම නව තීරුබදු මගින් ගැනුම්කරුවන් ඉන්දියාවෙන් මිලදී ගැනීම් අධෛර්යමත් කිරීමට ඉඩ ඇති අතර, ඔවුන් තායිලන්තය සහ වියට්නාමය වැනි තරඟකාරී සැපයුම්කරුවන් වෙත යොමු කිරීමට ඔවුන් පොළඹවනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී.
Video Story