September, 13, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන බලංංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් හිමිකම් නිකුතුවක් (Right Issue) සිදුකරනු ලබන බව දැනුම් දී සිටී.
මෙම හිමිකම් නිකුතුව හරහා නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 23,636,363 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී එක් කොටසක් රු. 85.00 බැගින් නිකුත් කෙරෙනු ඇත.
සමාගමේ වත්මන් ප්‍රකාශිත ප්රාග්ධනය රු. මිලියන 350 කි. මෙම හිමිකම් නිකුතුව සඳහා පූර්ණ දායකත්වයක් ලැබුණ හොත් සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනය රු. මිලියන 2,359.09 ක් දක්වා ඉහළ යනු ඇති බව බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි සමාගම් ලේකම් ප්‍රදීප් ඒ ජයතුංග සඳහන් කර සිටී.
මේ අතර මෙම හිමිකම් නිකුතුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම සමාගමේ කොටස් මිල 16.73% කින් අද දිනය තුළ දී පහළ ගොස් තිබුණි.

Video Story