September, 14, 2022
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුළත් වීම සඳහා නිකුත් කරනු ලබන ටිකට් පතක යැයි පැවසෙන ඡායාරූපයක් පිළිබඳව මෙරට චීන තානාපති කාර්යාලය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.
මෙහිදී චීන තානාපති කාර්යාලය පවසන්නේ නෙළුම් කුලුනේ ප්‍රවේශපත්‍රයක් ලෙසින් සංසරණය වන එම ඡායාරූපය ව්‍යාජ එකක් බවයි.

එම සංසරණය වන ටිකට්පතේ දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, චීන ජාතිකයින්ට නෙළුම් කුලුන පරිශ්‍රයට නොමිලේ ඇතුළත් විය හැකි බවයි. එහිදී චීන ජාතිකයන් වලංගු විදේශ ගමන් බලපත්‍රෙය් මුල් පිටපත ඉදිරිපත් කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙලෙස සංසරණය වන ටිකට් පත ව්‍යාජ එකක් බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසා සිටී. හෙට (15) සිට නෙළුම් කුලුන මහජනයා සඳහා විවෘත වන බවත්, ටිකට් පතක් මිල දී ගෙන ඔබගේම ඇස් දෙකෙන් එය දැක බලා ගන්නා ලෙසත් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
The Real⬇️ vs The Fake👎
A FORGED entry ticket of @LotusTowerCMB was spread on social media. Please verify before retweeting. Thanks for the free advertisement though.
Visit the tower from tomorrow, buy a ticket and see with your own eyes. 👏@sltda_srilanka pic.twitter.com/XtICFjV0j5
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 14, 2022
Video Story