September, 19, 2022
මෙරට ක්රියාක්මක ජාත්‍යන්තර අවහන් ජාලයක් වන Subway හි මෙහෙයුම් නියෝජිත හිමිකාරීත්වය (franchise) සිය පාලිත සමාගමක් වන Softlogic Restaurants Ltd යටතට පවරා ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් නිවේදනය කර සිටී.
ඒ අනුව මීට පෙර Subway Development Ltd විසින් සිදුකරන ලද Subway හි මෙරට මෙහෙයුම් කටයුතු Softlogic Restaurants Ltd යටතට පැවරෙනු ඇත.
Subway යනු ඇමරිකානු අවහන් ජාලයකි. එය ප්‍රධාන වශයෙන් submarine, sandwiches, wraps, salads සහ පාන වර්ග (beverages) නිරත වනු ලබයි.
මේ වන විට ජාත්‍යන්තර ආහාර සන්නාම කිහිපයකම මෙරට නියෝජිතත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සතුවන අතර Burger King, Basking- Robbins, Popeyes, Delifrance සහ Crystal Jade ඒ අතර වේ.

Video Story