January, 13, 2016
ඊයේ දින (12) පැවති භාණ්ඩාගාර බිල්පත්වෙන්දේසියේ දී පොළී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් තිබේ.
දින 91 ක පරිණත කාලයකින් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය 6.59% සිට 6.78% දක්වා ද, දින 182 ක පරිණත කාලයකින් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය 6.93% සිට 7.06% දක්වා සහ දින 364 පරිණත කාලයකින් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය 7.42% සිට 7.48% දක්වා මේ අනුව ඉහළ ගොස් ඇත.
මෙම නිකුතුව සඳහා රුපියල් මිලියන 42,637 ක ලංසු ඉදිරිපත් වී තිබුණු අතර එයින් දින 91 - මිලියන 7,986 ක්, දින 182 - මිලියන 3,783 ක් හා දින 364 – 6,386 ක් වශයෙන් රුපියල් මිලියන 18,155 ක ලංසු භාරගැනීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.
Video Story