• Ada Derana BIZ Sinhala
  • Consular Affairs Division
  • sri lanka

කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ඇරඹෙයි

September, 20, 2022

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීම විසඳා ඇති අතර, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව අද (2022 සැප්තැම්බර් 20) දින සිට නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි. කොන්සියුලර් අංශයේ අනෙකුත් සියලුම සේවාවන් ද අඛණ්ඩව සපයනු ලැබේ.

සේවා ලබා ගැනීමට පැමිණෙන අයට වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැක.

  • කොන්සියුලර් කටයුතු අංශය,කොළඹ 01:      0112338812/0112338843
  • ප්‍රාදේශීය කාර්යාලය,යාපනය:                        0212215970
  • ප්‍රාදේශීය කාර්යාලය,ත්‍රිකුණාමලය:                 0262223182
  • ප්‍රාදේශීය කාර්යාලය,මහනුවර:                       0812384410
  • ප්‍රාදේශීය කාර්යාලය,කුරුණෑගල:                   0372225941
  • ප්‍රාදේශීය කාර්යාලය,මාතර:                           0412226697