January, 18, 2016
මිල අඩුම හා මිල අධිකම රටවල ලැයිස්තුව මෙන්න
මේ වන විට ලොව පුරා වෙසෙන සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුටම ජංගම දුරකතනයක් තිබෙන බව අන්තර්ජාතික විදුලිසංදේශ සංගමය විසින් සිදුකරන ලද සමීක්ෂණයක දී හෙළි වී ඇත.
මෙතරම් ජංගම දුරකතන ප්රමාණයක් ලොව පුරා භාවිතයට ගැනුණ ද එක් එක් රටවල දී ජංගම දුරකතනයක් භාවිතයේ දී දැරිය යුතු වියදම විශාල වශයෙන් විචලනය වන බව අදාළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ.
මේ අනුව ජංගම දුරකථනයක් වෙනුවෙන් දැරිය යුතු මාසික වියදම අඩුම රට බවට ශ්රී ලංකාව නම් කර තිබේ. ඊට අනුව ඩොලර් 0.97 කින් මාසයක් පුරාවට ජංගම දුරකතනයක් නඩත්තු කළ හැකි බව සඳහන් වෙයි. ලොව ජංගම දුරකතනයක් භාවිතයේ දී මාසික වියදම අඩුම රටවල් ලෙසින් සඳහන් වන සෙසු රටවල් වනුයේ බංග්ලාදේශය, ඉරානය, නේපාලය, ඉන්දියාව හා භූතානයයි.
පහත සටහනෙන් දැක්වෙන්නේ අඩුම වියදමකින් ජංගම දුරකතනයක් භාවිත කළ හැකි රටවල ලැයිස්තුවයි.

මෙම සමීක්ෂණ වාර්තාවට අනුව ජංගම දුරකතනයක් පරිහරණයේ දී මාසිකව වැඩිම වියදමක් දැරීමට සිදුවන රට බවට හඳුනාගෙන ඇත්තේ තුවාලු දේශයයි. එය ඩොලර් 45.73 කි. එසේ අධික පිරිවැයක් දැරීමට සිදුවන රටවල ලැයිස්තුව පහත පරිදි දැක්විය හැකිය. මේ සඳහා සලකා බලා ඇත්තේ 2014 වසරේ දත්ත හා තොරතුරුය.
මෙම තොරතුරු සඳහා ජංගම දුරකතන උපාංගය සඳහා දරන වියදම සැලකිල්ලට ගෙන නොමැත. එය ඇමතුම්, කෙටි පණිවුඩ හා දත්ත ගාස්තු මත පදනම්ව සිදුකෙරී ඇති සමීක්ෂණයකි.
Video Story