January, 18, 2016
පෞද්ගලික වැවිලි සමාගම් වෙත බදු දී ඇති රජය සතු මහාපරිමාණ වතුවල ක්‍රියාකාරීත්වය පිලිබඳ අධීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මේ වන විට ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහාපරිමාණ වතු 465 ක් පෞද්ගලික වැවිලි සමාගම් 23 ක් වෙත බදුපදනම මත ලබා දී ඇත.
කෙසේ වෙතත් මෙම ඉඩම්වල අයිතිය තවමත් රජය සතුව පවතින අතර රජය සතු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ඉඩම්වල වගාවන්හි ඵලදායිතාව හා ගුණාත්මක මට්ටම ඉහළ නැංවීම පිණිස වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය ස්ථාපිත කර තිබේ.
Video Story