ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණයට චිලී දේශයෙන් එයි

    January, 19, 2016

    ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කර ගනිමින් ඉන්දියාව ඇතුළු සෙසු ආසියාතික රටවලට අපනයන සිදුකිරීමේ ප්‍රස්ථාවන් සොයා බැලීමට නවදිල්ලියේ වෙසෙන චිලී තානාපති වන ඇන්ඩ්‍රෙස් බාබ් කටයුතු කර තිබේ.

    මෙහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ කියා තිබේ. “චිලී සිට ඉන්දියාව දක්වා නෞකාවක් පැමිණීමට දින 60 ක් පමණ ගතවෙනවා. ඇත්තවශයෙන්ම එය අධික පිරිවැයක් මෙන්ම කාලය කා දැමීමක් ද වෙනවා.“

    පසුගිය සතියේ දී මෙරට සංචාරයක නිරත වූ චිලී තානාපතිවරයා මෙරට වාණිජ මණ්ඩල නිලධාරීන් සමඟ, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ නුදුරේ දීම චිලී ව්‍යාපාරික කණ්ඩායමක් සමඟ මෙරට සංචාරය කිරීම සඳහා පියවර ගන්නා බවයි.

    තවද චිලී රාජ්‍යය මේ වන විට රටවල් 24 ක් සමඟින් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගෙන තිබෙන බවත්, ඒ පිළිබඳව ඉහළ අවධානයක් ලබා දෙන බවත් තානාපතිවරයා මෙහිදී කියා සිටියේය.