January, 19, 2016
2016 ජනවාරි 11 සිට 18 දක්වා පවත්වන ලද ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව ඊයේ නිමා වූ බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
මෙහිදී වසර 1 ක පරිණත කාලයකින් යුතු බැඳුම්කර සඳහා පාවෙන පොළී අනුපාතිකයන් යටතේ ඩොලර් මිලියන 240.5 ක ලංසු ලැබී තිබෙන අතර එයින් ඩොලර් මිලියන 233 ක ලංසු භාර ගෙන තිබේ.
මීට අමතරව වසර 2 මාස 03 ක පරිණත කාලයෙන් යුතු බැඳුම්කර සඳහා පාවෙන පොළී අනුපාතියන් යටතේ ඩොලර් මිලියන 12 ක ලංසු ලැබී තිබෙන අතර ඉන් ඩොලර් මිලියන 2 ක ලංසු අනුමත කර ඇත.
වසර 4 යි මාස 05 බැඳුම්කර සඳහා ලැබී ඇති ලංසු භාර ගැනීම ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රතික්ෂේප කර තිබේ.
අනුමත කර තිබෙන ලංසු සඳහා බේරුම් කිරීම ජනවාරි 21 වන දා වන විට අවසන් කළ යුතුවේ.
Video Story