භාණ්ඩාගාර බිල්පත් පොළිය තවදුරටත් ඉහළට

    January, 20, 2016

    අද (20) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    මේ අනුව දින 182 – 7.06% සිට 7.19% දක්වා ද, දින 364 – 7.48% සිට 7.80% දක්වා ද වැඩි වී ඇත.

    මෙවර වෙන්දේසිය සඳහා දින 91 පරිණත කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර නැත.

    මෙහිදී ලැබුණු ලංසුවලින් දින 182 සඳහා රු. මිලියන 12,000 ක් හා දින 364 සඳහා රු. මිලියන 3,704 ක් වශයෙන් රුපියල් මිලියන 15,704 ක ලංසු අනුමත කර තිබේ