ජපාන බැංකුවක් මෙරට දී වැඩ අරඹයි

    January, 21, 2016

    ජපානයේ Bank of Tokyo-Mitsubishi හි නියෝජිත ශාඛාවක් මෙරට දී ආරම්භ කිරීමට පියවර ගත් බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    මෙම ආයතනය මෙරට සිය කටයුතු ආරම්භ කිරීමේ දී ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

    මේ අතර ආයෝජන මණ්ඩලය හරහා One Stop Shop සංකල්පය දියත් කිරීමට පියවර ගෙන තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    මේ තුළ අත්‍යාවශ්‍ය අමාත්‍යාංශ හා ආයතන දිගටම රැඳී සිටින බවත්, අනෙකුත් ආයතන වරින් වර මෙහි පැමිණ ආයෝජකයින්ගේ ප්‍රශ්න විසඳීම සඳහා පියවර ගන්නා බවත් සඳහන් කළ අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ආයෝජකයින්ගේ සියලු ගැටලු මෙම One Stop Shop හරහා තනි දිනක් තුළ නිරාකරණය කිරීමට පියවර ගන්නා බවයි.