January, 24, 2016
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය කෙරෙහි තවදුරටත් සහයෝගය දැක්වීමට තමන් සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති ටකෙහිකෝ නකාඕ මහතාපැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, පුද්ගල ස්වාධීනත්වය යනාදී කරුණු සම්බන්ධයෙන් විශිෂ්ට සාධනීය ප්‍රතිඵල මේ වන විට අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවත්, ඉදිරියේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගීතාව ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ADB සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකාව වෙත ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දෙන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් එළඹෙන මාසයේ දී පැවත්වීමට කටයුතු කරන බව ද නකාඕ මහතා මෙහිදී පැවසීය.
ඡායාරූපය - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකාඕ මහතා හමුවූ අවස්ථාව
Video Story