10% ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් GDP 1.2% කින් වැඩිවෙනවා – ඇමති හරින් කියයි VIDEO

    February, 2, 2016

    අන්තර්ජාල පහසුකම් යනු රට තුළ දියුණුවක් ඇති කළ හැකි ක්‍රමවේදයක් බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රටේ ජනතාවගෙන් 10% ක් දෙනා අන්තර්ජාලය භාවිතා කිරීමට යොමු වීම තුළින් රටේ දළ ජාතික නිෂ්පාදිතය 1.2% කින් ඉහළ යන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිය ඇමරිකානු සංචාරයේ දී ගූගල් ආයතනයේ ප්‍රධානියා හමුවීමට අවස්ථාව ලැබුණු බවත්, ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කර සිටි බවත්ය.

    මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ පුවත පහත දැක්වේ.

    https://www.youtube.com/watch?v=ijvGWsTfwhQ