February, 3, 2016
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සීපා ගිවිසුමක් අත්සන් නොකරන බවත් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට පියවර ගන්නා බවත් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දීය.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “අපි ලංකාවයි ඉන්දියාවයි අතර ආර්ථික සම්බන්ධතාවය තහවුරු කරනවා. ඒක අපි නවත්වන්නේ නැහැ. ඒක ඉදිරියට කරගෙන යනවා. අපි එහෙම කරන්නේ අපේ ආර්ථිකය දියුණු කරන්න. අපේ ආර්ථිකය දියුණු කරනවා කියන්නේ අපේ රට වැසියා දියුණු කරන එක. අපිට අවශ්‍යතාවයක් නැහැ අපේ ආර්ථිකය පහළට දාන්න“.
තවද ඉන්දියාව සමඟ කරගෙන යන මෙම වැඩපිළිවෙලින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිවෘද්ධිය බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාවන් අහිමි කරන්න තමනට කිසිම අවශ්‍යතාවයක් නැත් බවත් නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී පැවසීය.
Video Story