February, 9, 2023
ශ්රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ දරුවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ස්විට්සර්ලන්ත රජය යුනිසෙෆ් සංවිධානය හරහා ස්විස් ෆ්‍රෑන්ක් 500,000 ක් ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාගයක් කර තිබේ.
මෙම අරමුදල් වලින් යුනිසෙෆ් සංවිධානය විසින් ළමුන්ට සහ කාන්තාවන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ සංකූලතා වලදී අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ ඇතුළු, අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සේවාවන් ලබා දීම සිදු කෙරේ.තවද මෙම අරමුදල් දුෂ්කර පාසල් වල ළමුන්ගෙ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සපුරා දීමටත් ඔවුන්ට අමතර පන්ති සිදු කිරිම මඟින් දැනුම ලබා දීමටත්, ගුරුවරුන්ට ප්‍රවාහන දීමනා ලබා දීමටත් ළමුන්ට කෙටි කෑම වේලවල් ලබා දීමත් සිදු කරනු ලබයි.
යුනිසෙෆ් සංවිධානය විසින් විවිධ ආබාධ වලට ලක්වූ සහ , ප්‍රචණ්ඩකාරි පවුල් වල දරුවන් සහ දෙමවුපියන් වෙන්වීම නිසා අතහරින ලද දරුවන් සම්බන්ධයෙන්ද අධීක්ෂණය කිරීම,සහ ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීමද සිදු කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් කියා සිටියේ “මෙම අර්බුදය හමුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දරුවන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුනට සහන සැපයීමට යුනිසෙෆ් සංවිධානය සහ අනිකුත් හවුල්කරුවන්ගේ දායකත්වය ඉතා පිටුවහලක් වූවා. අර්බුදය නිසා ඇතිවන බලපෑමෙන් දරුවන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ ප්‍රතිචාර සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට, ස්විට්සර්ලන්ත රජය සහ ජනතාවගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ”.
ස්විට්සර්ලන්ත දායකත්වය, මේ අවස්ථාවේදි ගෘහස්ථ වශයෙන් සමාජීය හා ආර්ථික අවදානම අර්බුදයත් සමඟ ගොඩ නැගී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට ,දත්ත රැස් කිරීම , විශ්ලේෂණය සහ ඒ හා සම්බන්ධ සංවර්ධන සැලසුම් ගොඩ නඟා ගැනීමට උපකාරී වේ.
ස්විස්ටර්ලන්ත රජය මීට පෙර අවස්ථා වලදී යුනිසෙෆ් වැනි හවුල්කරුවන් හා සම්බන්ධ වී , මැතකාලිනව ශ්‍රී ලංකාව මුහුණ පෑ ඇති ආකාරයේ අර්බුධ වලට මුහුණ පෑ රටවල් වලට සහන සැපයූ බව ශ්‍රී ලංකා සහ මාලදිවයින් , ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය ඩොමිනික් ෆර්ග්ලර්, මහතා පැවසීය.
ඒ මහතා තව දුරටත් කියා සිටියේ මෙම දායකත්වය ශ්‍රී ලාංකීය ජනතාවත් සමග පවතින දිගුකාලීන හවුල්කාරිත්වය පෙන්නුම් කරන බවයි.
යුනිසෙෆ් සංවිධානය විසින් 2023 වර්ෂයේදී වඩාත්ම අවදානමට ලක්විය හැකි දරුවන් මිලියන 2.4 කට පෝෂණ අවශ්‍යතා, සෞඛ්‍ය සේවා, පිරිසිදු පානීය ජලය, මානසික සෞඛ්‍ය සේවා දිගටම පවත්වා ගැනීමට සහ දරුවන්ට ඉගෙනීමට උපකාර කිරීම සඳහා සම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලීම් සිදු කර තිබේ.