February, 10, 2023
මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවකම ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ ජපානයේ Mitsubishi Corporation, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2023 මාර්තු 31 දින වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇත.
Mitsubishi Corporation හි ශ්‍රී ලංකා කාර්යාලය එම සමාගමේ පළමු විදෙස් කාර්යලවලින් එකකි. එය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
ශ්‍රී ලංකාවේ අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්ම සහ විදේශ ණය පැහැර හැරීම Mitsubishi Corporation හි මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
Mitsubishi Corporation මෙරට ක්‍රියාත්මක වූ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අරමුදල් සපයන ප්‍රධාන පෙළේ ජපාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයකම ප්‍රධාන හවුල්කරුවා විය. කෙසේවෙතත් ජපානය විසින් යෝජනා කරන ලද ව්‍යාපෘති වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ LNG බලාගාර ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් පසුගිය කාලයේ දී අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර හොඳහිත පළුදු වී තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් වන තෙක් ජයිකා සංවිධානය විසින් ලබා දුන් ණය මත මෙරට තුළ ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 12 ක වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.
වාර්තා වන අන්දමට මේ වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලයේ 20 ක පමණ පිරිසක් සේවය කරනු ලබයි.
Mitsubishi Corporationහි ව්‍යාපාර පහත පරිදි ක්ෂේත්‍ර ගණනාවක විහිදී පවතී.