නේපාල ප්‍රකෝටිපතියෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක

    February, 13, 2023

    නේපාල බිලියනපතියෙකු වන Binod Chaudhary නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමග හමුවකට ද ඔහු එක්ව ඇත.

    එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර බෙදාහැරීම්, සිල්ලර, ආගන්තුක සත්කාර, මූල්‍ය සේවා සහ නිෂ්පාදන යනාදී ක්ෂේත්‍රයන් වෙත වැඩි වශයෙන් අවධානය යොමුව තිබේ.

    ඩොලර් බිලියන 1.5ක වත්කම්වලට හිමිකම් කියන Binod Chaudhary, නේපාලයේ සිටින එකම ඩොලර් බිලියනපතියා වේ.

    ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලකයෙකු ද වන ඔහු Chaudhary Group හි සභාපතිවරයා යි.

    Forbes වාර්තාවලට අනුව Binod Chaudhary ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 1,851 වැනියා වේ.