February, 13, 2023
ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් බදු බිලියන දෙසීය ඉක්මවූ මුදල , අළුතින් නීති පනවා හෝ අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට මහායාය ප්‍රදේශයේ අද සවස පැවති ක්‍රීඩා වැඩසටහනකට සහභාගී වු අවස්ථාවේ මාධ්‍යවේධීන් විසින් ඉරිදා දිනයේ පළවූ පුවත් වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ මාධ්‍ය වාර්තා වල සඳහන් ආකාරයට රුපියල් බිලියන 200 කට වැඩි හිඟ මුදලක් අයවීමට ඇතත් එම මුදල වසර 30 පමණ කාලයක සිට එකතු වූ මුදල් බවයි. කෙසේ වෙතත් මෙම හිඟ මුදල් අයකර ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් වෙනම කණ්ඩායමක්ච පත් කර ඇති බවයි.
එමෙන්ම වාහන ආනයන සීමා පනවා තිබියදී, මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි සියය ඉක්මවා වාහන ආනයනය කර තිපීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ එම වාහන ගෙන්වා ඇත්තේ 2021 වසරේදී බවත් , කෙසේ වුවද වතුර බවුසර් , ගිලන් රථ ආදිය ගෙන්වා ඇතත් කිසිදු සුඛෝපභෝගී වාහනයක් ගෙන්වා නොමැති බවද පැවසීය.
මුදල් අමාත්‍යාංශය මුදල් ලබා නොදීම හේතුවෙන් අමාත්‍යාංශ කිහිපයක් අර්බුදය වලට මුහුණ පෑම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රටම අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක එවැනි දේ සිදු විය හැකි වුවද නියමිත අනුපිලිවෙලක් අනුව අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වියදම් කරන බවද පැවසීය.