එයාර්පැරිෆ් වෙතින් යූරෝ තුන්ලක්ෂයක ව්‍යාපෘතියක්

    February, 14, 2023

    කොළඹ නාගරික බලප්‍රදේශය තුළ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ සාක්ෂි මත පදනම් වූ උපායමාර්ග හා ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමේ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදානයක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය එකඟතාව පළ කර තිබේ.
    ඒ අනුව, ව්‍යාපෘතියේ තාක්ෂණික හවුල්කරු වශයෙන් ලාභ නොලබන සංවිධානයක් වන "එයාර්පැරිෆ්" ආයතනය මඟින් මුළු ව්‍යාපෘති පිරිවැය වශයෙන් යුරෝ 300,000ක් සපයනු ඇත. ව්‍යාපෘතියේ කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ.
    යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය, "එයාර්පැරිෆ්" ආයතනය සහ පරිසර අමාත්‍යාංශය අතර ත්‍රෛපාර්ශ්වීය හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් තැබීමටත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.