හොංකොං සමාගමක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

    February, 15, 2023

    BOI පහසුකම් ලද ග්‍රෑන්ඩ් ග්‍රේන් ඉන්ඩස්ට්‍රිස් ලිමිටඩ් සමාගම කාන්තාවන් සඳහා සුව්ශේෂි වු බ්‍රෙෂියර් නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලාවක් මෑතකදී රඹුක්කනහි ආරම්භ කරන ලදී. මෙම කර්මාන්තශාලාව තුල කාන්තා ඇගලුම් නිෂ්පාදනයේ නවතම පර්යේෂණයන් සිදුකරනු ලබන අතර ඒ සඳහා ලොව භාවිතා කරනු ලබන නවතම තාක්ෂණික ක්‍රමවේදයන් සහ උපකරණයන් භාවිතා කරනු ලැබේ.

    මෙම කර්මාන්තශාලාව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කරන ලද ආයෝජනයක් වන අතර එමගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් සදහා රැකි රක්ෂා 600ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව එම ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    මෙහිදී මෙම ආයතනය ඇගලුම් නිෂ්පාදනයට අවශ්‍ය කරන අංගෝපාංග සකස් කොට ශ්‍රි ලංකාවේ ප්‍රධානතම ඇගලුම් නිෂ්පාදන ආයතන දෙකක් වන බ්‍රැන්ඩික්ස් සහ මාස් හෝල්ඩින්ස් සමාගමත් සමග සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එමගින් පිටරටට ඇදී යන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටතුල ඉතුරුකිරීමට හැකිවන බවත් තවදුරටත් සදහන් කරන ලදී. මෙම ආයතනයේ ප්‍රධාන කර්මාන්තශාලාව වසරකට මිලියන 25ක් පමණ කාන්තා ඇගලුම් සම්බන්ධ නිෂ්පාදන කොටස් ලෝක වෙළදපොලට නිකුත් කරනු ලබයි.