ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි

    February, 11, 2016

    ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් මෙරට අන්තර්ජාල තාක්ෂණයේ නවමු පරිච්ඡේදයක් අරඹමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග සහ බටහිර යුරෝපය කලාපීය රටවල් 17ක ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් 15ක් විසින් භාවිතා කරනු ලබන අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධති ව්‍යාපෘතිය සමග එක්ව සිය සේවා සැපයුම වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් කරගැන්මට සමත්ව සිටියි.

    ඉකුත් 2014 වසරේදී ඇතිකරගත් අන්තර්ජාතික එකඟතාවක් මත මෙම අධිවේගී ජාත්‍යන්තර කේබල් පද්ධතියේ ප්‍රතිලාභයන් ශ්‍රී ලාංකිකයන්ට සමීප කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව තිබේ. මාතර ඉදි කිරීමට නියමිත SEA-ME-WE 5 කේබල් පද්ධතියේ ශ්‍රී ලංකා මෙහෙයුම් මධ්‍යස්ථානයට සහ මෙරට පළමු සහ එකම Tier 4 ready දත්ත මධ්‍යස්ථානය වෙත මුල් ගල තැබීම පසුගියදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් කොළඹ, ජනපති නිල නිවසේ සිට අන්තර්ජාලගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණ.

    කිලෝ මීටර 20, 000ක පමණ දිගැති මෙම SEA-ME-WE 5 කේබල් පද්ධතිය සිංගප්පූරුවේ සිට යුරෝපා කලාපය හරහා ප්‍රංශය හා ඉතාලිය දක්වා විහිද යයි. මෙම POP-to-POP (Point of Presence) සේවා සම්පාදනය කරනු ලබන්නේ ලොව පුරා රටවල් එකිනෙක හා සම්බන්ධකරමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා නව මං පෙත් විවරකරලීමෙහිලා සමත් වෙමිනි.

    මේ වනවිට අන්තර් මහද්වීප වශයෙන් ඇතිව තිඛෙන තොරතුරු තාක්ෂ‚ක ප්‍රබෝධය හරහා අනාගතයේදී බිහිවන අන්තර්ජාලගත නවෝත්පාදනයන් කෙරෙහි පහසුකම් සැලසීමේ අරමු‚න් මෙම නව සමුද්‍රීය භූගත කේබල් පද්ධතිය සකස්ව තිබේ. SEA-ME-WE 5 කේබල් පද්ධතිය මේ වනවිට පවතින අති නවීනතම Multiple 100 GBPS තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති අතර එය දිනෙන් දින වෙනස් වන තාක්ෂ‚ක නවෝත්පාදනයන් හරහා යාවත් කාලීන කිරීමේ හැකියාවෙන්ද පිරිපුන්ය. තත්පරයකට ටෙරා බයිට් 24ක දත්ත හුවමාරු කිරීමේ හැකියාව ඇති මෙම නව පද්ධතියේ දත්ත හුවමාරු ශක්‍යතාව එක් තත්පරයකදී HD (high-definition)චිත්‍රපට 4800 ක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව හා සමපාත කළ හැකිය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් මෙලෙස අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතිය හරහා ලොව පුරා රටවල් රැසක් සමග සන්ධානගත වෙයි. එමගින් ගොඩනගාගත් ගෝලීය සම්බන්ධතාව, සංවර්ධිත රටවල තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණික දියුණුව හා ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය සමපාත කිරීමෙහිලා ගන්නා ප්‍රශස්ථ වෑයමකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් හි ඇරඹීමට නියමිත මෙම නව දත්ත මධ්‍යස්ථානය මෙරට ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනයන් සිය දත්ත පද්ධති පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපයයි. එමගින් එම ආයතන නිතිපතා වැය කරනු ලබන විශාල ධනස්කන්ධය ඉතිරි කරගැනීමට හැකියාව ලැඛෙනු ඇත. තොරතුරු තාක්ෂණ සේවා සැපයීමෙහිලා ශ්‍රී ලංකා ටෙලිකොම් සතු විශේෂඥ පළපුරුද්ද සමග දත්ත ගබඩා කිරීමෙහිලා වැඩි ඉඩ ප්‍රමාණයක්, අදාළ දත්තවල නීත්‍යානුකූලබව හා රහස්‍යභාවය පූර්ණ වශයෙන් සහතික කරන ලද ඉහළ මට්ටමේ ආරක්ෂාවක් මෙහිදී පාරිභෝගිකයා වෙත සහතික කෙරේ. තවද පාරිභෝගිකයන් හට තමන්ගේ අවශ්‍යතාව පරිදි සේවාවන් ලබාගත හැකි අතර ගාස්තු අය කිරීම සිදුවන්නේ ඔවුන්ගේ දත්ත පරිභෝජනයේ ප්‍රමාණය අනුව පමණක් වීමද ඔවුන්හට සැලසෙන සුවිශේෂ වාසියකි. ශ්‍රී ලංකා ටෙලිකොම් හි මෙම සේවාව සමග සම්බන්ධ වන පාරිභෝගිකයන්ගේ මෙහෙයුම් අවශ්‍යතා අනුව ඕනෑම මොහොතක දත්ත මධ්‍යස්ථානය සමග සෘජුව සම්බන්ධවිය හැකි පරිදි නවීන තාක‍ෂණයෙන් යුතුව Tier 4 ready දත්ත මධ්‍යස්ථානය පිහිටුවනු ඇත.

    මෙරට ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණික විසඳුම් සපයන්නා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සැමවිටම මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා හැකි සෑම අයුරකින්ම ඇපකැපවී ක්‍රියාකරනු ලබයි.