ලාෆ් ගෑස් ජලවිදුලි බලාගාරයක් මිලට ගනියි

    February, 12, 2016

    පොල්පිටිය, කලවැල්දෙනියේ පිහිටි පාම්ස් පවර් (පුද්) සමාගමේ සියලුම කොටස් මිලට ගැනීමට ලාෆ්ස් ගෑස් පීඑල්සී අනුබද්ධ ලාෆ්ස් පවර් ලිමිටඩ් විසින් පසුගිය පෙබරවාරි 10 වෙනිදා කටයුතු කරනු ලැබීය.

    මේ සඳහා ලාෆ්ස් විසින් රුපියල් මිලියන 200 ක මුදලක් ආයෝජනය කර තිබේ.

    පාම්ස් පවර් (පුද්) සමාගම, මෙගාවොට් 2 කින් යුතු ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියකි.

    මේ පිළිබඳ තොරතුරු අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමට සමාගම ලාෆ්ස් ගෑස් පීඑල්සී විසින් කටයුතු කර තිබේ.